2025 වසරේ දී නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ එම දේපළ බද්ද සෘජු බද්දක් වන අතර, එම බද්ද ඉහළ දේපළක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවයි.
නව වක්‍ර බදු හඳුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිලේ ඉහළ යාමක් සිදුනොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.














සිහින දැකීමට ඔබට අයිතියක් ඇත.
By that time your long gone people are fed up keep the election then u will understand