2025 චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකා කතුන් සෘජුව සුදුසුකම් ලබයි?

බටහිර ඉන්දී‍ය කොදෙව් කාන්තාවන්ට එරෙහි ව සිය මව්රටේ දී පූර්ණ තරගාවලි ජයක් වාර්තා කරන්නට ඊයේ (21) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ සත්කාරක දේශය වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව්වන් අතර අවසන් එක්දින තරගය ද ඊයේ පැවැත්වුණේ හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී යි.

ඒ වනවිටත් තරගාවලියේ ශූරතාව වේලාසනින් ම තරග 2-0ක් ලෙස ජය ගෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියෙන් සිටියා.

තරගාවලි පරාජයකින් බේරීමට නම් කොදෙව් කාන්තාවන්ට තෙවැනි හා අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක සාධකයක් ද වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකා Shemaine Campbelle තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමීමටයි.

එම තීරණයට උපරිම ඉහළින් ම සත්කාර කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.

හැඩකාර ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 106ක දී ලකුණු 91ක් ලබාගත්තේ හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් ද සමගින්.

ශතකය පෙනෙන මානයේ දී චමරි දැවී ගියේ ෆ්ලෙචර් යොමු කළ පන්දුවක් හමුවේයි.

තරගයේ තීරණාත්මක ලකුණු ප්‍රමාණයක් සිය පිත්තෙන් එකතු කළ චමරිගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදෙන්නට නිලක්ෂි සිල්වා සහ අනුෂ්කා සංජීවනී ද සමත් වුණා.

දෙදෙනා ම ජාත්‍යන්තර එක්දින පිටියේ අර්ධ ශතක වාර්තා කරමින් නිලක්ෂි ලකුණු 65ක් සහ අනුෂ්කා ලකුණු 53ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු 44යි.

පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් ව නිර්මාණය කළ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 06ක් බිඳ වැටී ලකුණු 275ක් ලෙසයි.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් Karishma Ramharack කඩුලු 02ක් බිඳ දැමූ අතර Qiana Joseph සහ ෆ්ලෙචර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කතුන් අසරණ කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.

එහිදී සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 05ක් බිඳ දැමුවා.

එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඇය වාර්තා කළ විශිෂ්ටතම පන්දු යැවීම ද වනවා.

ඕෂධී රණසිංහ කඩුලු 02යි.

එක් කඩුල්ල බැගින් උදේෂිකා ප්‍රබෝධිනී, කාව්‍යා කාවින්දි සහ චමරි අතපත්තු ඉදිරියෙන් ලියැවුණා.

මෙම තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන්ට එරෙහිව සිය මව් බිමේ දී ජයගත් පළමු පූර්ණ තරගාවලි ශූරතාව ද මෙය වනවා.

ඊයේ තරගයේ වීරයා සම්මානය කඩුලු 05ක් බිඳ දැමූ සචිනි නිසංසලා දිනා ගත්තා.

මෙම තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2022-2025 ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් චැම්පියන්ස් කුසලානය සඳහා සෘජු ව සුදුසුකම් ලබන කණ්ඩායම් 06 අතර ඉන්දියාව ද පසු කරමින් සිව්වැනි ස්ථානය දක්වා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට එන්නට සමත් වුණා.

ඉදිරියේ දී පැවත්වීමට නියමිත අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගතහොත් ඔවුන් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබනු ඇති.

Screenshot 2024 06 22 082614
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29