2025 නව වසර උදාව නිමිත්තෙන් හෙට සිට විශේෂ රථවාහන සැලැස්මක් (වීඩියෝ)

2025 නව වසර උදාව නිමිත්තනේ හෙට (31) දිනයේ ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිත ව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳ ව ශ්‍රී ලංකා පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහනක් ඇත්තේ; හෙට දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කළා.

ඒ අනුව හෙට දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලමුම් කර තිබෙනවා.

එම රථවාහන සැලැස්ම පහළින්,

මුදල් අයකිරීමක් සහිත පුද්ගලික රථගාල් පිහිටි ස්ථාන

පිටකොටුව – බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
කොටුව – විමලධර්මසූරිය ඔරලෝසු කණුව අසල – චාමන්ස් රථ ගාල
රාසික් ෆරීඩ් මාවත – හේමාස් රථගාල
ඩී.ආර්. විජේවර්ධන මාවත – ලේක් හවුස් රථගාල
කොම්පඤ්ඤ වීදිය – යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල
මරදාන – ගාමීණී වට රවුම St Clement රථගාල
පහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස, මුදල් අයකිරීමකින් තොරව අවහිරතා ඇති නොවන පරිදි රථවාහන ගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බවත් වාර්තා වනවා.

කොටුව පොලිස් වසමේ බාල දක්ෂ මාවත MOD රථගාල
කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදු බඩ මාර්ගය
කොටුව හා මරදාන පොලිස් වසම්වල D.R. විජේවර්ධන මාවත
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිට වීමේ තීරුව පමණක්
කොටුව පොලිස් වසමේ ලේඩින් බැස්ටියන් මාවත
කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
කොටුව පොලිස වසමේ ඩියුක් වීදිය
ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථවාහන නැවතුම් ස්ථාන (Parkaing Bays)වල පමණක් කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වට රවුම දෙසට ඇතුල් වීමේ තීරුව (වම්පස)
කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත

කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත හන්දියේ සිට රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස, කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර
හෙට දිනයේ මෙම කලාපයේ ඇති වන රථවාහන අවහිරතාව මගහැරවීම සඳහා සවස 4.00 සිට ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව පහත සඳහන් පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සලස්වනු ලබනු ඇති.

කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දියෙන් රීගල් හන්දිය ඔස්සේ ඩී.ආර්. විජේවර්ධන මාවත සහ චිත්තප්පලම් ඒ. ගාර්ඩ්න් මාවතෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට යොමුකර සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්. එස්. ඒ වටරවුම, ගාලු මැද පාර එම්. ඕ. ඩී හන්දියට පැමිණ බාල දක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම, ලිබර්ටි වටරවුම දෙසට පිට වීම සිදු කෙරෙනවා.

ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය, ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදු කරනු ලබන අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළුවීම සිදු කරනු ලබනවා.

මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයක් අවහිර වන සේ කිසිදු වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවත් පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21