2024 වර්ෂයේ 5 ශිෂ්‍යත්වයෙන් 260,000කට අධික සංඛ්‍යාවක් කඩයිම් ලකුණට පසුපසින්

පසුගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර කඩයිම් ලකුණු අබිබවා යමින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244ක් බවට පත් ව තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට විභාග අපේක්ෂකයින් 319,284 දෙනෙකු ඉදිරිපත් වී ඇති බවයි.

ඉන් දෙලක්ෂ හැට අටදහස් හතළිහක (268,040) සිසුන් සංඛ්‍යාවක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තමන්ට හිමි කඩයිම් ලකුණු සීමාව ඉක්මවා යාමට නොහැකි මට්ටමට පත් ව තිබෙනවා.

පසුගිය වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යොමු වී ඇති අයදුම් පත්‍ර සංඛ්‍යාව 323,900ක් බවත් සඳහන්.

කෙසේවෙතත් තම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අභියාචනා කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ජනවාරි මස 27 වැනි දින සිට පෙබරවාරි මස 06 වැනි දින තෙක් අදාළ කාලසීමාව තුළ මාර්ගගත ක්‍රමයට නැතහොත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිය අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් දරුවන් 20,000කට ශිෂ්‍යාධාර අරමුදල් හිමිගැන්වෙනවා.

ඒ සඳහා ද අයදුම් කරන ආකාරය පහත දැක්වෙන නිවේදනය ප්‍රකාරව කටයුතු කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?