AFC Banner
AFC Banner
Empty Ad

2024 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමකට

මෙවර නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියට පත් ‘නිහොන් හිඩන්කියෝ’ සංවිධානයට පිරිනමන්නර නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් ජීවිත ගලවා ගත් ජපාන් ජාතිකයින් පිරිසකගෙන් මෙම ‘නිහොන් හිඩන්කියෝ’ සංවිධානය පිහිටුවා තිබෙනවා.

න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම සංවිධානය සිදුකරනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවයි නොබෙල් කමිටුව නිවේදනය කළේ.

නෝර්වීජියානු නොබෙල් කමිටුව පැවසුවේ, “ශාරීරික දුක් වේදනා සහ වේදනාකාරී මතකයන් නොතකා, සාමය සඳහා බලාපොරොත්තුව සහ නියැලීම සඳහා ඔවුන්ගේ මිල අධික අත්දැකීම් භාවිත කිරීමට තෝරා ගත් හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් සියලුම දෙනාට ගෞරව කිරීමට අවශ්‍ය” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?