AFC Banner
Empty Ad
Empty Ad

2024 ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඇරඹේ (ඡායාරූප)

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙස හඳුන්වන, 2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඊයේ (26) රාත්‍රියේ ආරම්භ වුණා.

ප්‍රංශයේ හදවත බඳු වූ සෙන් නදිය මුල්කර ගනිමින් පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවය අලංකාරවත් මුහුණුවරක් ගනු ලැබුවා.

මෙලෙස ක්‍රීඩාංගණයකින් පිටත ස්ථානයක ඔලිම්පික් සමාරම්භක උත්සවයක් පවත්වනු ලැබුවේ ඔලිම්පික් ඉතිහාසයේ පළමුවරට වීම ද විශේෂත්වයක්.

‘බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කරන ලද’ යන්න තේමාව මූලික කරගත් මෙවර ඔලිම්පික් උළෙල ආරම්භ වුණේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

අධික වැසි මාධ්‍යයේ වුවද පැවති මෙම අලංකාරවත් සමාරම්භක උත්සවය නැරඹීම වෙනුවෙන් සේන් නදිය දෙපස සකසා තිබූ නැරඹුම් ස්ථාන වෙත ප්‍රේක්ෂකයින් රැසක් එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

300,000 කට වැඩි පිරිසක් ගඟ අද්දර සහ පාලම් සිට මෙම උත්සවය නැරඹීමට එක්ව සිටි අතර තවත් දහස් ගණනක් ගොඩනැගිලිවල ජනේල සහ සඳළුතලවල හිඳිමි මෙම විචිත්‍රවත් උත්සවය නැරඹීමට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ඔලිම්පික් තරගාවලිය එක්වන එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැඟ සෙයින් නදියේ කිලෝමීටර් 06ක දුරක් විචිත්‍රවත් සමාරම්භක පෙළපාලිය සඳහා එක්ව සිටියා.

මෙම සමාරම්භක උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමන් ගන්නා අතරතුර විචිත්‍රවත් ගායන මෙන්ම නර්ථනාංග රැසකින් ද ඔලිම්පිම් සමාරම්භක උළෙල වර්ණවත් වුණා.

ඔලිම්පික් සම්ප්‍රදායට අනුව සමාරම්භක පෙළපාලියේ ඉදිරියෙන්ම ග්‍රීසිය ගමන් ගත් අතර, ඉන් අනතුරුවයි අනෙකුත් ටවලට අයත් කණ්ඩායම් පෙළපාලිය සඳහා එක් වුණේ.

අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් විසින් ඔලිම්පික් උළෙල ආරම්භය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර සිටියා.

ලොව වටා රැගෙන ගිය ඔලිම්පික් ගිනිසිළුව ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් විසිල් ලබාදීමෙන් අනතුරුව ප්‍රංශ ජූඩෝ ක්‍රීඩිකා ටෙඩී රයිනර් සහ ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනූ කෙටිදුර ධාවන ශූරී මාරි ජෝස් පෙරෙක් විසින් 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිර්මාණය කළ ඔලිම්පික් පහන දල්වනු ලැබුවා.

මෙලෙස ඇරඹුනු 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ දී පදක්කම් 2,600ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714 දෙනෙක් අගෝස්තු 11 වනදා දක්වා තරග ඉසව් 329ක තරග වදිනු ඇති.

d639802ce36c6334a6563b18b05338f00d8170f8 16x9
666020
indiatv 2024 07 27t012807 1722024101
AFP 20240726 36638U7 v1 HighRes OlyParis2024Opening
66a42a5775ec61.13538409
AP24208642432635
thumbs b c ba0b9fc9c568464992a9a161413eef2a
APTOPIX Paris Olympics Opening Ceremony 80383 1880x1254 1
image
parade of nations inline 2 cz 240726 cd3858
GettyImages 2162967063 H 2024
urnpublicidap.org06d38247686132f74b387ef4205a2240Paris Olympics Opening Ceremony 26076
urnpublicidap.org06d38247686132f74b387ef4205a2240APTOPIX Paris Olympics Opening Ceremony 20193
w980 p16x9 2024 07 26T213833Z 1795666271 UP1EK7Q1O46FV RTRMADP 3 OLYMPICS 2024 OPENING CEREMONY
Paris Olympics 1
Eiffel tower olympics opening 2024
GettyImages 2162919393
GettyImages 2163801327
2024 07 26T191828Z 249869246 MT1USATODAY23831465 RTRMADP 3 OLYMPICS OPENING CEREMONY 1722023334
ap24208721279096 20240726203236508
74561128007 2162911439
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?