2024 සඳහා අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 465ක්

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට ද නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්,

ලලිත කලා, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂයන් පිලිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශ්ලේෂණයක් කිරීම මේ වනවිටත් අප ආරම්භ කර තිබෙනවා. මෙම වසර අවසන්වීමට පෙර එම ඉක්කය වෙත ගමන් කිරීමට කටයුතු කරනවා. මෙම වැඩපිළිවෙලෙහි අරමුණ වන්නේ ඒකීය උපාධි වෙනුවට ප්‍රායෝගික දැනුම ලබාදෙමින් කලා උපාධිදාරීන් බල සම්පන්න කිරීමයි.

විසි එක්වන සියවසේ තුන්වන කාර්තුවේ සිටින අප උසස් අධ්‍යාපන ජාතික කොමිසමක් හෝ අධිකාරියක් ආරම්භ කිරීමට ද කටයුතු කරනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ විවිධ තැන්වල සිරවී ඇති පරිපාලන කටයුතු එක් තැනකට රැගෙන ඒමයි.

ඒ වගේම පුරවැසියා බලගැන්වීම සඳහා 2025 වසරේ සිට, රජයේ විශ්වවිද්‍යාලයක උපාධි ලබන ඕනෑම සිසුවෙකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ද අප පියවර ගන්නවා. එමඟින් ඕනෑම සිසුවෙකුට තමන්ට කැමති විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ හැකියාව ද ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තීරණාත්මක වෙනසක් ඇති වෙන බවට අපට විශ්වාසයි.

ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතුයි. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් ලබාදීමට කටයුතු කරනවා.

ඒ වගේම ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය ශක්තිමක් කිරීම එහි අරමුණ වනවා. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම විශ්විද්‍යාල ජාත්‍යන්තරීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති විදේශයන්හී සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමට හා පර්යේෂණ සිදුකිරීමට ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිගේ ප්‍රකාශයට මහින්දට යකා නගියි - කෞෂල්‍යාටත් හිනා..මහත්තුරු හැමදාම බොරු බේගල් ඇදබානවා
01:41
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
01:02:00
Video thumbnail
අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක් - මේක ගැන ලැජ්ජයි
03:24
Video thumbnail
දරුවෙක්ට වෙච්ච කරදරයක් ගැන චාමර සංවේදීවී කිව්ව කතාව - බිමල් ඒ මොහොතෙම විසඳුමක් දෙයි
04:34
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48