2023 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (ඡායාරූප)

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ දී නිකුත් වුණා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සිය නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

ප්‍රතිඵල නිකුත් වීමත් සමග අදාළ දිස්ත්‍රික්කවලට කඩයිම් ලකුණු ද නිකුත් කෙරුණා.

ඒ අනුව වැඩි අවධානයක් ගන්නා කොළඹ, කළුතර හා ගම්පහ ද, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ද, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ද මෙවර ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු වන්නේ 154යි.

සිංහල, දෙමළ යන මාධ්‍යයන් ද්විත්වයේ ම කඩයිම් ලකුණු නිකුත් කර ඇති අතර, රත්නපුර සහ හම්බන්තොට ලකුණු 150 අවම ලකුණු සීමාව ලෙසට දැක්වෙනවා.

වව්නියාව 145ක් ලෙසයි සඳහන්.

දෙමළ මාධ්‍යයෙන් ලියන ලද විභාග ප්‍රතිඵල අපේක්ෂකයින් කොළඹ, කළුතර හා ගම්පහ, ගාල්ල, මාතර,මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත අයත් නම්; ඔවුන්ගේ කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක්.

2023 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය මාසේ 14 වැනිදා පැවැත්වුණා.

ඒ විභාග අපේක්ෂකයින් 337,596 දෙනෙකුට විභාග මධ්‍යස්ථාන 2888ක දී මෙවර ශිෂ්‍යත්වය පැවැත්වීමටයි පියවර ගැනුණේ.

මෙවර එම විභාග අපේක්ෂකයින් ප්‍රමාණයෙන් අපේක්ෂකයින් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා ගොස් තිබෙනවා.

මේ අතර ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්; නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

3 3
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
7
+1
12
+1
3
+1
18
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?