2023 – 2026 අතර කාලයේ දී ඩොලර් මිලියන 715ක් රටින් පිටකර යවලා

2023 වසරේ සිට 2026 මාර්තු දක්වා අතර කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මෙරටින් පිට කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ මේ බව හෙළිදරව් කර තිබෙනවා.

විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙලෙද්ස මුදල් රටින් පිට කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සඳහන් කළා.