2023 ලෝක කුසලානයේ දී ඉන්දියාවේ ඕනෑම තැනක ක්‍රීඩා කිරීමට පාකිස්ථානය සූදානමින්

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ ඕනෑම ස්ථානයක දී ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමේ සියලු සාමාජිකයින් සූදානම් බව නායක බබාර් අසාම් පවසනවා.

බබාර් අසාම් වැඩිදුරටත් සඳහන් කළේ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට රජයේ අනුමැතිය පාකිස්ථාන කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඒ, සඳහා වන ඉල්ලීම පාකිස්ථාන ක්‍රිකට් ආයතන විසින් අගමැති ෂෙබාස් ෂරීෆ්ට සහ පකිස්ථාන අභ්‍යන්තර හා විදේශ කටයුතු අමාත්‍යාංශවලින් ලිඛිතව යොමුකර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්ථාන, නෙදර්ලන්තය සමඟ ඔක්තෝම්බර් 06 වනදා හයිද්‍රාබාද් හී රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසෙනවා.

මේ අතර පාකිස්ථානය සහ ඉන්දියාව මෙවර තරගාවලියේ දී එකිනෙකා මුණ ගැසෙන්නේ ඔක්තෝම්බර් 15 වනදා අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

යම්කිසි හෙයකින් පාකිස්ථාන කණ්ඩායමට එරට රජයෙන් ඉන්දියාවට යෑමට අවසර නොලැබුණහොත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පාකිස්ථාන තරග පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවනවා.

කෙසේ වෙතත් දේශපාලන පසමිතුරන් වන පාකිස්ථානය සහ ඉන්දියාව සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟාවලිවලදී එකිනෙකා හමුවන්නේ දෙපිළම කැමැත්ත පළකරන මධ්‍යස්ථ ස්ථානවල දී පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50