2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

පසු කොවිඩ් තත්ත්වය ජයගනිමින් වෙළෙඳපොළ ආර්ථිකය නිශ්පාදන ආර්ථිකයක් බවට පත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් පදනම් කර ගනිමිනුයි මෙවර අයවැය සකස් කර ඇත්තේ.

මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අයවැය ඉදිරිපත් කළ’පළමු අවස්ථාව ලෙස මය මෙරට ඉතිහාසයට එක්වනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදුකෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5128ක්.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවලිය සඳහා අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවර අය වැය විවාදයේදී විශේෂතා කිහිපයක්ද දැකගත හැකි වනු ඇති.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොවිඩ් සීමාවන් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?