2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

පසු කොවිඩ් තත්ත්වය ජයගනිමින් වෙළෙඳපොළ ආර්ථිකය නිශ්පාදන ආර්ථිකයක් බවට පත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් පදනම් කර ගනිමිනුයි මෙවර අයවැය සකස් කර ඇත්තේ.

මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අයවැය ඉදිරිපත් කළ’පළමු අවස්ථාව ලෙස මය මෙරට ඉතිහාසයට එක්වනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදුකෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5128ක්.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවලිය සඳහා අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවර අය වැය විවාදයේදී විශේෂතා කිහිපයක්ද දැකගත හැකි වනු ඇති.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොවිඩ් සීමාවන් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13