අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින්න – බලශක්ති ඇමති විපක්ෂයෙන් ඉල්ලයි

වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවේ දී අද (03) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගල් අඟුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, පැවසුවේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබු සමාගමක් එම සම්බන්ධතා භාවිත කරමින් ගල් අඟුරු සැපයීම සිදුකරමින් සිටි බවයි.

මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගී වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වූ බවද ඇතැමුන් කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් බවද ප්‍රකාශ කළා.

එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල් අඟුරු මිලදී ගැනීමක් සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබාදී ඇති අතර, එලෙස මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදුනොවන බවද දැනට නැව් තොග 06ක් වරායට පැමිණ ඇති අතර පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය මට්ටමට ඇති බව ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24