spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියි

2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම අද (15) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 08කින් පහසුවෙන් පරාජයට පත් කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 65කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම තුළ ලකුණු දහයේ සීමාව පසුකර යෑමට හැකියාව ලැබුනේ පිතිකරිනියන් දෙදෙනෙක්ට පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රේණුකා සිං කඩුලු 03ක් බිඳ දැමූ අතර, රාජේශ්වරී ගයක්වාඩ් සහ ස්නේ රානා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 66ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 08යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර යෑමට සමත් වුණා.

එහිදී ස්ම්රිත් මන්දනා පන්දු 25ක් තුළ ලකුණු 51ක් නොදැවී රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ, අනුව ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ඉන්දීය කාන්තා පිළ සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?