2022 ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියි

2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම අද (15) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 08කින් පහසුවෙන් පරාජයට පත් කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 65කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම තුළ ලකුණු දහයේ සීමාව පසුකර යෑමට හැකියාව ලැබුනේ පිතිකරිනියන් දෙදෙනෙක්ට පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රේණුකා සිං කඩුලු 03ක් බිඳ දැමූ අතර, රාජේශ්වරී ගයක්වාඩ් සහ ස්නේ රානා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 66ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 08යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර යෑමට සමත් වුණා.

එහිදී ස්ම්රිත් මන්දනා පන්දු 25ක් තුළ ලකුණු 51ක් නොදැවී රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ, අනුව ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ඉන්දීය කාන්තා පිළ සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09