2022 අලුත් බද්දත් එක්ක වාහනවල මිලට වෙන්න යන දේ

2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත. කෙසේ වෙතත් මෙම බද්ද හේතුවෙන් වාහන මිලෙහි යම් වෙනසක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර විශේෂ කාර්යය බලකාය සඳහා ජීප් රථ 150ක් ,පොලිසිය සඳහා ජීප් රථ 750ක් සහ ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 500ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?