2018 වසරේ පොලිස් සැරයන්වරුන් 618 දෙනෙකු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේ දී සිය මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා උසස්වීම් නොලද පොලිස් සැරයන් වරු 101දෙනකු විසින් ගොනු කර තිබූ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා
මෙම උසස් වීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුෙ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
අදාළ උසස් වීම් ලබාදීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වීමක් සිදු වූ බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වුණා.
