20-20 ලෝක කුසලානය තෙක් නායකයා දසුන් – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

2026 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ ද පැවති සාකච්ඡාවකින් පාඩු මෙම තීරණය ගත බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මීට පෙර පැවති තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් නොකර බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සහභාගී වන පළමු මාධ්‍ය සාකච්ඡාව මෙය වනවා.

ලෝක කුසලානය වෙනුවෙන් නම්කර ඇති ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් , වනිඳු හසරංග , මතීෂ පතිරණ, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, පවන් රත්නායක, මිලාන් රත්නායක, දුෂ්මන්ත චමීර, දුෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රේවින් මැතිව්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?