20-20 තරගාවලියට බංග්ලාදේශ සංචිතය කලින්ම නම් කරයි – ෂැන්ටෝට සංචිතයේ තැනක් නැතිවෙයි

ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා බංග්ලාදේශ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන සමන්විත සංචිතයක් නම්කර තිබෙනවා.

මෙම සංචිතයෙන් නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට වමත් ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් නැවත විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති බව්වයි වාර්තා වුණේ.

ඊට අමතරව පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් හතරක් ද බංග්ලාදේශ සංචිතය තුළ සිදුකර ඇති බව සඳහන්.

වේග පන්දු යවන්නන් යුගලයක් වන ටස්කින් අහමඩ් සහ මුස්තාෆිසුර් රහ්මාන් ද ආබාධයෙන් සුවය ලබා බදාදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයට සහභාගී වීමෙන් පසු නැවත විස්සයි විස්ස සංචිතයට පැමිණ තිබෙනවා.

ඊට අමතරව වසරකට වැඩි කාලයකට පසු නැවත පැමිණීම සනිටුහන් කරමින් මොහොමඩ් සයිෆුඩීන් ද විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර පසුගිය මැයි මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවති දෙවන විස්ස්යි විස්ස තරඟයේදී ඉකිලි ආබාධයකට ලක් වූ ෂොරිෆුල් ඉස්ලාම්, සංචිතයේ රඳවා ගෙන ඇති අතර, දඟ පන්දු යැවීමේ අංශයේ තවත් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව තන්වීර් ඉස්ලාම් වෙනුවට නසුම් අහමඩ් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගය ජූලි 10 වන දින පල්ලෙකැලේ, දෙවන තරගය ජූලි 13 වන දින දඹුල්ලේ දී සහ තුන්වන විස්සයි විස්ස තරගය ජූලි 16 වන දින කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ සංචිතය පහතින්.

ලිටන් දාස් (නායක), ටැන්සිඩ් හසන්, පර්වේස් හොසේන් එමොන්, මොහොමඩ් නයිම්, ටෝහිඩ් හ්‍රිඩෝයි, ජේකර් අලි, ෂාමිම් හොසේන්, මෙහෙඩි හසන් මිරාස්, රිෂාඩ් හොසේන්, මහෙඩි හසන්, නසුම් අහමඩ්, ටස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටන්සිම් හසන් සකිබ්, මොහොමඩ් සයිෆුඩින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?