20-20 තරගාවලියට බංග්ලාදේශ සංචිතය කලින්ම නම් කරයි – ෂැන්ටෝට සංචිතයේ තැනක් නැතිවෙයි

ශ්‍රී ලංකාව සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා බංග්ලාදේශ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන සමන්විත සංචිතයක් නම්කර තිබෙනවා.

මෙම සංචිතයෙන් නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට වමත් ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් නැවත විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති බව්වයි වාර්තා වුණේ.

ඊට අමතරව පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් හතරක් ද බංග්ලාදේශ සංචිතය තුළ සිදුකර ඇති බව සඳහන්.

වේග පන්දු යවන්නන් යුගලයක් වන ටස්කින් අහමඩ් සහ මුස්තාෆිසුර් රහ්මාන් ද ආබාධයෙන් සුවය ලබා බදාදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයට සහභාගී වීමෙන් පසු නැවත විස්සයි විස්ස සංචිතයට පැමිණ තිබෙනවා.

ඊට අමතරව වසරකට වැඩි කාලයකට පසු නැවත පැමිණීම සනිටුහන් කරමින් මොහොමඩ් සයිෆුඩීන් ද විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර පසුගිය මැයි මාසයේදී පාකිස්තානයට එරෙහිව පැවති දෙවන විස්ස්යි විස්ස තරඟයේදී ඉකිලි ආබාධයකට ලක් වූ ෂොරිෆුල් ඉස්ලාම්, සංචිතයේ රඳවා ගෙන ඇති අතර, දඟ පන්දු යැවීමේ අංශයේ තවත් වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව තන්වීර් ඉස්ලාම් වෙනුවට නසුම් අහමඩ් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගය ජූලි 10 වන දින පල්ලෙකැලේ, දෙවන තරගය ජූලි 13 වන දින දඹුල්ලේ දී සහ තුන්වන විස්සයි විස්ස තරගය ජූලි 16 වන දින කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ සංචිතය පහතින්.

ලිටන් දාස් (නායක), ටැන්සිඩ් හසන්, පර්වේස් හොසේන් එමොන්, මොහොමඩ් නයිම්, ටෝහිඩ් හ්‍රිඩෝයි, ජේකර් අලි, ෂාමිම් හොසේන්, මෙහෙඩි හසන් මිරාස්, රිෂාඩ් හොසේන්, මහෙඩි හසන්, නසුම් අහමඩ්, ටස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටන්සිම් හසන් සකිබ්, මොහොමඩ් සයිෆුඩින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34