20-20 අවසන් මහා තරගය වර්ෂාවට සේදෙන ලකුණු

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරයින් කවුරුන්දැයි තෝරා ගනු ලබන අවසන් මහා තරගය ලබන ඉරිදා (13) ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා එංගලන්තය සහ පාකිස්ථානය සුදුසුකම් ලබා ඇති අතර, තරගය පැවැත්වෙන්නේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

කෙසේ වෙතත් ලබන ඉරිදා දිනයේ දී මෙල්බන් නගරයට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ වාර්තාවල දැක්වෙනවා.

මෙලෙස අවසන් තරගය පැවැත්වෙන දිනයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අවසන් මහා තරගය අතිරේක දිනයකට යොදා ගැනීමට සිදුවන අතර, ලබන සඳුදා (14) එලෙස යොදා ගන්නා අතිරේක දිනය වනවා.

අතිරේක දිනය ලෙස යොදා ගන්නා ලබන සඳුදා දිනයේදී ද වැසි ඇති විය බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇති අතර, අවාසනාවකට හෝ එදිනත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් කාසිය වාසිය උරගා බැලීමෙන් මෙවර විස්සයි විස්ස ලෝක ශූරයින් තෝරා ගැනීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?