AFC Banner
Empty Ad
Empty Ad

20-20 තරග ආකෘතියේ විශේෂඥයා LPL තරගාවලිය වෙනුවෙන් දිවයිනට

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් 2023 එල්.පී.එල්. තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එක්වීමට දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

වමත් වේග පන්දු යවන්නෙකු සහ වමත් පිතිකරුවෙකු වන නන්ද්‍රේ බර්ගර් සැළකෙන්නේ විස්සයි විස්ස තරග ආකෘතියේ විශේෂඥ ක්‍රීඩකයෙකු ලෙසටයි.

මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන නන්ද්‍රේ බර්ගර් බොහෝ දුරට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග කරන මීළඟ තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා එක්වීමට පැමිණෙන බව දන්වමින් දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් එක්කර තිබුණා.

ඔහු ද මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?