20 හැවිරිදි දියණිය ඝාතනය කර සිරුර ගඟකට දැමූ පියෙකු අත්අඩංගුවට

විසි හැවිරිදි දියණියගේ ගෙළ සිරකර ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර ගඟකට දැමූ පියෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ තරුණිය ගැබිණියක්ව සිට ඇති බවයි පසුව සිදුකළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

කාජල් නැමති අදාළ තරුණිය දින කිහිපයක සිට අතරුදන්ව සිට ඇති බවත්, පසුව ඇයගේ සිරුර පසුගිය 02 වනදා ගඟක පාවෙමින් තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම තරුණිය ගමේ තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවත්, කවුරුන් හෝ ඇගේ පියා වන නවුෂාඩ්ට දැනුම් දී තිබෙනවා.

එම ආරංචියෙන් කෝපයට හා කළබලයට පත් වූ ඇයගේ පියා කාජල් ඝාතනය කර ඇති බවයි විමර්ශනයෙන් හෙළිව ඇත්තේ.

පසුව ඔහු දියණියගේ මළ සිරුර ගෝනියක අසුරා චෝටි ගන්දක් ගඟට විසිකළ බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා පසුව තම දියණිය අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇය සෙවීමේ විමර්ශන සඳහා ද සහභාගී වී ඇති අතර, පොලිසිය විසින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සිදුකළ අපරාධය පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?