20%ක එක්සත් ජනපද තීරු බද්ධ අද සිට බලාත්මකයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු අද (07) සිට බලාත්මක වනවා.

ඒ, අනුව එක්සත් ජනපදය විසින් විසින් ශ්‍රී ලංකාවට 20%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 02 වනදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා රජයේ සහ ඇමරිකා වෙළෙඳ නියෝජිත ආයතනය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එය 30%ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබුණා.

එලෙස 30%ක් දක්වා අඩුකරගත් තීරු බදු ප්‍රතිශතය තවත් අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 20%ක් දක්වා එම තීරු බදු අඩු කිරීමට ඇමරිකාව තීරණය කළා.

ශ්‍රී ලංකාවට අමතරව ඇමරිකාව විසින් ලෝකයේ තවත් රටවල් රැස්කට පැන වූ තීරු බදු අද (07) දිනයේ සිට බලාත්මක වනවා.