1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ කිසිඳු වෙනස්කමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.
අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ “1990” අංකය හෝ “සුවසැරිය” යන නාමය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන්ම ගිලන්රථවල දැනට පවතින වර්ණය ද වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම ගිලන් රථ සේවාව නවීකරණය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ලෝකයේ පවත්නා අලුත් තාක්ෂනය එක්කරමින් නවීකරණ කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් මෙම වසරේ පමණක් අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන්කළ බවත්, ඉන්දියාව සමඟ සාකච්ඡාකර තවත් ගිලන්රථ 100ක් ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
ඊට අමාත්‍යවර ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත් ගිලන්රථ 25ක් ප්‍රධානයන් ලෙසටත් ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ.
ඒ, අනුව මෙම ගිලන් රථ බලඇණිය 500ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් කළා.





