1971 ජන සංහාරය පකිස්ථානය පෙර සැලසුම් කළ දෙයක් – බංග්ලාදේශ අගමැති

1971 මාර්තු 25 වන දින සිදු වූ ජන සංහාරය “පෙර සැලසුම් කරන ලද” සංහාරයක් ලෙස බංග්ලාදේශ අගමැති තාරික් රහ්මාන් හැඳින්වූ අතර විමුක්ති යුද්ධයේ ආත්මය තුළ “සමානාත්මතාවය, මානව ගරුත්වය සහ සමාජ යුක්තිය” සහිත රාජ්‍යයක් සහ සමාජයක් ගොඩනගන ලෙස ඉල්ලා සිටියා.

බංග්ලාදේශ ඉතිහාසයේ “වඩාත්ම නින්දිත හා ම්ලේච්ඡ දිනයක්” ලෙස එය හැඳින්වූ රහ්මාන්, X හි සටහනක් තබමින්, වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට නිදහසේ වටිනාකම සහ වැදගත්කම ගෙන ඒම සඳහා මාර්තු 25 වන දින ජන සංහාරය පිළිබඳව දැන ගැනීම අත්‍යවශ්‍ය බව ද පැවසුවා.

පැරණි නැගෙනහිර පාකිස්ථානයේ ස්වයං නිර්ණය සඳහා බෙංගාලි ජනතාවගේ ඉල්ලීම් මැඩපැවැත්වීම සඳහා පකිස්ථාන හමුදාව 1971 මාර්තු 25 වන දින ‘ඔපරේෂන් සර්ච්ලයිට්’ දියත් කළ අතර ඩකාහි පමණක් 20,000 කට අධික පිරිසක් මිය ගියා.

මාස නවයක් පුරා පැවති විමුක්ති යුද්ධයේදී මිලියන 3 ක ජනතාවක් මිය ගිය බවට නිල වාර්තා තිබෙනවා .

පකිස්ථාන ආක්‍රමණික හමුදා ‘ඔපරේෂන් සර්ච්ලයිට්’ නාමයෙන් බංග්ලාදේශයේ නිරායුධ ජනතාවට එරෙහිව ඉතිහාසයේ වඩාත්ම දරුණු ජන සංහාරයක් සිදු කළ බව රහ්මාන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36