AFC Banner
AFC Banner
Empty Ad

19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලානය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) ආරම්භ වනවා.

මෙවර තරගාවලිය මලයාසියාවේ දී පැවැත්වෙන අතර, ඒ සඳහා එක්වන කණ්ඩායම් ගණන 16ක්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වදිනවා.

සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දීය කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින අනෙකුත් කණ්ඩායම් වනවා.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හභාගී වන පළමු තරගය හෙට (19) සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ පළමු දිනට වන අද දිනයේ තරග හයක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?