AFC Banner
Empty Ad
Empty Ad

18 දෙනෙකු සමූල ඝාතනය කළ ඝාතකයා තවමත් නිදැල්ලේ – ප්‍රාන්ත වැසියා බියෙන්

අමෙරිකාවේ පෙරේදා දිනයේ දී සිදු වූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි කළ සැකකාර පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ Maine හි Lewiston හි දී බවයි.

ඝාතකයා කවුරුන් දැයි හඳුනා ගැනුණ ද මෙතෙක් ඔහු ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වීමත්, ඔහු නිදැල්ලේ සැරිසැරීමත් නිසාවෙන් ප්‍රාන්ත වැසියා භීතියට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු සමූල ඝාතනය වූ අතර, තවත් 13 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ද මේන් ආණ්ඩුකාර ජැනට් මිල්ස් සඳහන් කළා.

මේ වනවිටත් අමෙරිකානු FBI නිලධාරින් පවා යොදා ගනිමින් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?