AFC Banner
Empty Ad
Empty Ad

18ට අඩු අයට එන්නත් දුන් සිද්ධියට අදාළව දෙදෙනෙකුට ලැබුණු දඩුවම

ෆයිසර් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ස්ථාන මාරුකර තිබේ.

හලාවත, කොක්කවිල පාසලේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකදී මෙම අක්‍රමිකතාව සිදුවන බව ‘අද දෙරණ’ අනාවරණය කළේය.

මෙම අනාවරණයත් සමග අදාළ අවස්ථාවේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් මෙලෙස ස්ථාන මාරු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?