17 හැවිරිදි සිසුවියක් වැවක ගිලී මරුට (ඡායාරූප)

මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් ඊයේ (21) දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට 17 හැවිරිදි සිසුවියක්.

මියගිය සිසුවිය සිය මිතුරියන් සිව්දෙනෙකු සහ මිතුරියකගේ මිත්තණිය සමඟ පුච්චකුලම වැවේ දියනාමින් සිටිය දී මෙලෙස දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.