AFC Banner
Empty Ad
Empty Ad

17ක් මරුට .. දෙදෙනෙක් අතුරුදන්

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය නිසා සිදු වූ පුද්ගල මරණ ගණන 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් වී, පුද්ගලයින් 5ක්ට තුවාල සිදුවී ඇති බවත් වාර්තා වනවා

එමෙන්ම දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 271,110ක් පිඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ

අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?