162 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ ප්‍රධාන උත්සව අද (21) පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත් වුණා.
ඒ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අභියස දී මියගිය පොලිස් නිලධරීන් වෙනුවෙන් උපහාර පුද කිරීම සිදු කෙරුනේ පොලිස්පතිවරයා විසින්.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම උත්සව ඉතා සරලව සහ ගාම්භීරව පවත්වන බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙහිදී සඳහන් කළේ.
මේ අතර රාජකාරියේ නිරතව සිටිය දී ජීවිත පූජාවෙන් කැප වූ පොලිස් නිලධාරීන් සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව මූල්‍යමය පරිත්‍යාගයන් පොලිස්පතිවරයා විසින් සිදුකරනු ලැබුවා.













