15 හැවිරිදි දැරියගේ මවගේ පැමිණිල්ලට 21 හැවිරිදි යුද හමුදා සෙබළා අත්අඩංගුවට

තම 15 හැවිරිදි දියණියගේ ඡායාරූප යොදාගෙන මුහුණු පොත හරහා තරුණයකු සමඟ කලක සිට සංවාදයේ (Chat) යෙදුණු මවක් එම තරුණයා විසින් තමාගේ දියණිය දූෂණය කළ බව පවසමින් පොලිසියේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම මූලස්ථාන පොලීසිය විසින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 21 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වුණේ.

තම දියණියගේ පෙම්වතා ඇයව දූෂණය කර, අතහැර ගොස් ඇති බව පවසමින් අගලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් මතුගම මූලස්ථාන පොලිසිය වෙත අදාළ පැමිණිල්ල සිදුකර තිබුණා.

එහිදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් දැරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ.

මුහුණු පොතේ තමන්ගේ ගිණුම හරහා තම මව, තරුණයකු සමඟ කලක සිට සංවාදයේ (Chat) යෙදුණු බවයි.

එමෙන්ම මව විසින් තමන්ගේ සහ තරුණයෙකුගේ ඡායාරූප මුහුණු පොතේ පළ කර තිබූ බවත් දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ, පිළිබඳව තමන් මවගෙන් විමසූ බවත් එම අවස්ථාවේ දී තමන්ට පාඩුවේ සිටින ලෙසත් පැවැසූ බවයි දැරිය පොලිසියට පවසා ඇත්තේ.

එහිදී තමා ලෙස පෙනී සිටිමින් මව විසින් මෙලෙස අදාළ තරුණයා සමඟ සංවාදයේ නියැලෙන ආකාරය නිරීක්ෂණය වූ බවත් ඇය පවසා තිබෙනවා.

ඒ, අනුව පසුගිය ඇසළ පොහෝ දිනයේ මතුගම නගරයේ ප්‍රදර්ශණය කළ තොරණ නැරඹීම මව විසින් තමන්ව කැඳවාගෙන ගිය බවත් එම අවස්ථාවේ දී තරුණයා ද එම ස්ථානයට පැමිණ සිටි බවත් දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.

ඒ, අනුව එදින එම තරුණයාව තමා මුලින්ම දුටු බවත් එදින ඔහු සමඟ කතා කිරීමෙන් අනතුරුව ඔහු කළ ආරාධනාවක් අනුව පැලවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට ගිය බවයි දැරිය පොලිසියට පවසා ඇත්තේ.

එහිදී එම තරුණයා සමඟ ලිංගිකව හැසිරුණු බවත්, පසු දිනෙක එම තරුණයා තම නිවසට පැමිණි බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.

එයින් අනතුරුව තමා ඔහු සමඟ දුරකථනයෙන් කතා නොකළ ද මව දිගින් දිගටම ඔහු සමඟ සංවාදයේ (Chat) යෙදීමට පුරුදු වී සිටි බවයි දැරිය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

අදාළ තරුණයා නිවසට පැමිණි අවස්ථා කීපයකදී ඔහු සමඟ ලිංගිකව සබඳතා පැවැත්වූ බව දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.

එම තරුණයා සමඟ එලෙස සංවාදයේ (Chat) යෙදෙන්නේ තම මව බව තරුණයා නොදැන සිට ඇති අතර, දැරිය ඒ පිළිබඳ  ඔහුට පවසා මවගේ දුරකථන අංකය අක්‍රීය කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එලෙස මව තරුණයා සමඟ දැරිය ආකාරයෙන් සංවාදයේ (Chat) යෙදුනු අවස්ථාවක දී දැරියගේ පිරිසුදුකම නොතිබීම සම්බන්ධයෙන් විමසා ඇති අතර අනතුරුව අදාළ කරුණ පිළිබදව මව දැරියගෙන් විමසා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම සිද්ධියත් සමඟ තරුණයා තමා මඟ හැරීමට කටයුතු කිරීම හේතුවෙන්  මව තමන්ව පැමිණිල්ලක් සඳහා පොලිසිය වෙත රැගෙන ආ බව දැරිය පවසා තිබෙනවා.

ඒ, අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය මීට පෙර සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහල වෙත යොමුකර ඇති බව මතුගම පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
28
+1
12
+1
10
+1
7
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?