15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කළ මව ඇතුළු 4ක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කළ දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර වයස අවුරුදු 84ක් වයසැති ලියවන පට්ටල්කරුවෙකු ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පානදුර , කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය මුදලට ලබාගත් තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

බාල වයස්කාර දැරියක වැඩිහිටි පුද්ගලයින්ට මුදලට අලෙවි කරන බවට තොරතුරක් පිළිබඳ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද උපදෙස් පොලිස් කණ්ඩායමක් දැරිය මුදාගෙන රෝහල් ගතකර තිබෙනවා.

සැකකරුවන් සහ දැරිය ලබාදී ඇති ප්‍රකාශ අනුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරිය අලෙවිකර හෝටල් කාමරවලට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශය හැරහොස් සිටින අතර ඇය සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, දැරියගේ පහස ලැබූ තවත් පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන්.

අත්අඩංගුවට ගෙන ඇති අවුරුදු 42, 45, 54 සහ 84 වියැති සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?