147 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කමිඳුගේ පිත්තෙන් තැබූ ලෝක වාර්තාව

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණා.

ඒ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 07 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් එකම තරගයකදී ශතක දෙකක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කමිඳු බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දී මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ලකුණු 164ක් වාර්තා කරමින්.

කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශය කණ්ඩායම තරගයේ තුන්වන දිනය වූ අද දිනට තරගය නතර කරන විට ඉතා අසීරු අඩියක පසු වුණා.

දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය අද දිනය අවසන් වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටි අතර, තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් තවත් ලකුණු 464ක් රැස්කරගත යුතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
247
+1
12
+1
415
+1
25
+1
14
+1
21
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07