147 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කමිඳුගේ පිත්තෙන් තැබූ ලෝක වාර්තාව

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණා.

ඒ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 07 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් එකම තරගයකදී ශතක දෙකක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කමිඳු බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දී මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ලකුණු 164ක් වාර්තා කරමින්.

කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශය කණ්ඩායම තරගයේ තුන්වන දිනය වූ අද දිනට තරගය නතර කරන විට ඉතා අසීරු අඩියක පසු වුණා.

දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය අද දිනය අවසන් වනවිට කඩුලු 05ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටි අතර, තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් තවත් ලකුණු 464ක් රැස්කරගත යුතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
247
+1
12
+1
415
+1
25
+1
14
+1
21
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?