UPDATE: අතුරුදන් වූ 08 හැවිරිදි පිරිමි දරුවා නිවසට ඇවිත් – පොලිසිය

Update – Time: 07.53

ඊයේ දිනයේ දී අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලද 08 හැවිරිදි පිරිමි දරුවා යළි නිවසට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව පොලිසියෙන් සිදු කරන ලද විමසීමක දී එහි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ අද (15) අලුයම් කාලයේ දී එම දරුවා නිවසට පැමිණ ඇති බවත්, පොලිසිය සිදු කරන විමර්ශනවලින් අනතුරුව කරුණු අනාවරණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

——————————————————-

පොළොන්නරුව – සෙවණපිටිය, මහවැව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි දරුවෙකු අතුරුදන් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ 08 හැවිරිදි මෙම දරුවා ඊයේ (14) පාසල් ගොස් යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ පියා විසින් පොලිසියට පැමිණිලි කරන ලද බවයි.

අතුරුදන් වූ දරුවා පොළොන්නරුව – කඳුරුවල නගර මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර නමැති දරුවෙකු බවයි.

29 හැවිරිදි දෙදරු පියෙකු වන තරංග ලක්ෂාන් නමැති අතුරුදන් වූ දරුවාගේ පියා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පොළොන්නරුව පොලිසියට හෝ 076-8372189 යන සිය දූරකථන අංකයට දැනුම්දෙන ලෙසයි.

තම පුතු ලංගම බස් රථයෙන් පාසල් ගොස් වෙනදා මෙන් නිවසට නොපැමිණි බවත් සිය පුතු සොයා පාසලට ගිය ද රාත්‍රී 09 තෙක් ම දරුවා සොයාගත නොහැකි වූ බවත් එම දරුවාගේ පියා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?