නිවසට ගිය ආහාර බෙදාහැරීමේ නියෝජිතයා සුනඛ ප්‍රහාරයෙන් ගැලවීමට යද්දී ජීවිතක්ෂයට

ආහාර ඇනවුමක් භාරදීමට මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගිය බෙදාහැරීමේ නියෝජිතයෙකු සුනඛයෙකුගේ ප්‍රහාරයකින් බේරීමට යාමේදී තුන්වන මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි මහල් නිවාස සංකීර්ණයක පසුගිය බදාදා මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් රිස්වාන් නැමැති 23 හැවිරිදි බෙදාහැරීමේ නියෝජිතක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා ආහාර ඇනවුමක් ලබාදීම සඳහා බන්ජාරා හිල්ස් හි ලුම්බිණි රොක් කාසල් මහල් නිවාස සංකීර්ණයේ නිවසකට ගොස් තිබෙනවා.

එහිදී පාරිභෝගිකයාගේ නිවසේ සිටි සුනඛයා ඔහු වෙතට කඩා පැන ඇති අතර, සුනඛයාගෙන් බේරීම සඳහා රිස්වාන් දිවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ඔහු මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට ඇද වැටී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව පාරිභෝගික කාන්තාව සහ අසල්වාසීන් එක්ව ඔහුව කඩිනමින් රෝහල් ගත කර ඇතත් ඉන් දින තුනකට පසු ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාරිභෝගික කාන්තාවට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 304 (මිනීමැරුමක් නොවන සාපරාධී මිනීමැරුමක්) යටතේ නඩු පවරා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03