බදුල්ල රෝහලේ වැඩ වර්ජනයක්

බදුල්ල මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (24) වැඩවර්ජනයක නිරතව සිටීම හේතුවෙන් සෞඛ්‍ය කටයුතු ආවරණය කිරීම සඳහා බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකු යොදවා තිබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බඳවා ගනු ලැබූ පිරිස රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක, උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් වන බවද, එය නිවැරදි කරන ලෙස ද බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දෙදින වැඩ වර්ජනයක් බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මක කළේය. ඒ අනුව හමුදා නිලධාරීන් පිරිස බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී අවශ්‍ය කටයුතු සඳහා සූදානම් වන ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?