Empty Ad
AFC Banner
Empty Ad

09 වැනි විධායකය තේරීමේ තැපැල් ඡන්දය අදින් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (04) ඇරඹෙනවා.

ජුලි මස 26 වැනි දින පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණා.

එදා සිට අගෝස්තු මස 14 වැනි දින දහවල් 12 තෙක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණු අතර ඉන් පසුව සිදු කෙරුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සහ මැතිවරණ ලේකම් කාර්‍යාලයේ මගපෙන්වීම යටතේ නාම යෝජනා භාර ගැනීමයි.

ඒ අනුව මේ වනවිට මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් ව සිටිනවා.

නාම යෝජනා භාර ගැනීම අවසන් වනවිට අපේක්ෂකයින් 39 දෙනෙකු සිටිය ද එක් ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේ මියයාමත් සමග එය මේ වනවිට 38ක් දක්වා පහත වැටී තිබෙනවා.

අදින් ඇරඹෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම් දින තුනක් පුරාවට පැවැත්වෙන අතර, අද, හෙට (05) සහ අනිද්දා (06) යන දිනයන්හි දී එය පැවැත්වෙනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ දිවයිනේ සියලුම තැපැල් ස්ථාන සිය රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්; ඊයේ දිනය වන විට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකා තැපැල් ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත ලැබීමට සැලැස්වූ බවයි.

තැපැල් ඡන්දය භාවිත කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්‍යය වන අතර; කුමන හෝ හේතුවක් මත තමන් වෙත තැපැල් ඡන්ද පත්‍රිකාව ලැබී නොමැති නම්; ආසන්නයේ ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්ද නාම ලේඛනයේ නම සඳහන් වන්නේ නම් ඡන්දය භාවිත කිරීම ගැටලුවක් නොවන බවයි පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව මෙම දින තුන තුළ තැපැල් ඡන්දය භාවිත කළ නොහැකි වූවන් හට සැප්තැම්බර් මස 11 හා 12 යන දෙදින ද ඒ සඳහා වෙන් කර තිබෙනවා.

නමුත් එම දිනවල දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නම් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත යාමට සිදු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර තැපැල් ඡන්ද කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරින් 55000ක් රාජකාරියේ නිරත වන බව ද ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48

?