දරුවෙක් වඩාගෙන ගමන් ගත් පදිකයෙක්ට දිවි අහිමි වූ අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට

වාරියපොල පොලිස් වසමේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ (12) උදෑසන අවුරුදු 05ක පිරිමි දරුවෙක් වඩාගෙන සිටි පදිකයෙක් පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදිකයා හා දරුවා තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදිකයා මියගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

දරුවා වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මරණකරු අවුරුදු 40 ක් වූ අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්