ෆොන්සේකා ගැන ජනපතිගෙන් සහතිකයක් (ඡායාරූප)

සරත් ෆොන්සේකාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු යුද පිටියේ වුවද දේශපාලනයේ වුවද සටන අත් නොහරින පුද්ගලයෙකු බව සඳහන් කළ ජනාධිපතිවරයා තවදුරටත් රටට සේවය කිරීමට හැකියාව සරත් ෆොන්සේකාට ඇති බවයි පැවසුවේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම අවස්ථාවට අද (28) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොවෙයි, යුද පිටියෙන් පිටත දේශපාලනය තුළත් අභියෝගවලට මුහුණ දුන් කෙනෙක්. මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතා මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මහතාව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගී වූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.
විශේෂයෙන්ම යාපනය ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ හමුදාව අත්පත් කරගත් සියලු දේ අහිමි වුණා. එම අවස්ථාවේ මම අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර යාපනය භාර දෙන්නේ කාටද කියා අපට තීරණයක් ගැනීමට සිදු වුණා. ඒ, වන විට බොහෝ දෙනෙක් මිය ගොස් හා තුවාල ලබා සිටීම හේතුවෙන් පිරිස් අඩු වී තිබුණා. ඇතැම් අය කිව්වා යාපනයට ඩිවිෂන් එකක් අවශ්‍යයි කියලා. එම අවස්ථාවේ මම හමුදාපතිවරයාට පැවසුවා සරත් ෆොන්සේකාට යාපනය භාර දෙමු කියලා. ඒ, අනුව තමයි යම් ස්ථාවරභාවයක් ඇති කරගන්නා තුරු ඔහු එම කටයුතු කරගෙන ගියේ.
ඔහු වැටුණු තැනින් පටන් ගෙන යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා. එහිදී අසීරු තීරණ ගැනිමට ඔහුට සිදු වුණා. යුද්ධයක් කියන්නේ ක්‍රිකට් තරගයක් නොවෙයි. මිනිස් ජීවිත අහිමි වෙනවා. දේපළ විනාශ වෙනවා. එහිදී යුද හමුදාව මෙහෙයවමින් ඉදිරියට යාමට එතුමාට ශක්තිය තිබුණා.අප මුහුණ දුන්නේ ලෝකයේ තිබු අසීරුම යුද්ධයකටයි. අනෙක් රටවල තවමත් එම යුද්ධ පැවැත්වෙනවා. ඇෆ්ගනිස්ථානය යුද්ධය ආරම්භ කළේ අපටත් කළින්. සරත් ෆොන්සේකා මහතා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළා. ඒ වගේම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද එතුමාට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ එතුමා තවත් ශක්තිමත් චරිතයක් වුණා. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට අප තීරණය කළා. එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබුවා.
සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.
සරත් ෆොන්සේකා මහතා වරක් යාපනයේ දී ප්‍රකාශ කළා, “දැන් යුද්ධය අවසන් රට තුළ සාමය ඇති කළයුතුයි” කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් එම කටයුතු අවසන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප සියලුදෙනා එක් වී රට ගොඩනගමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා. අපේ හමුදාව අත්දැකීම් බහුල දක්ෂ හමුදාවක්. රට ගොඩනගමින් සාමය ස්ථාපිත කිරීම සඳහා මේ සියලුදෙනාගේ සහාය ලබාගත හැකියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
14
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34