ෆොන්සේකාට එරෙහිව සජබය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දිනදෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන තීන්දුවක් ලබාදෙන ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම අද (06) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක සමගි ජන බලවේගයට එක්කරගැනීම සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශ වලින් පසුව සිය පක්ෂ සමාජිකත්වය හා පක්ෂය තුළ තමන් දරණ තනතුරු වලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයින් සූදානම් වන බවට සරත් ෆොන්සේකා විසින් පැවරූ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා එම තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම වාරණ නියෝගය ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් ද කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත්, ඒ අනුව අදාළ තීරණය ප්‍රතිශෝධනය කොට සරත් ෆොන්සේකා විසින් ලබාගත් වාරණ නියෝග අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34