ෆින්ලන්තය පකිස්ථානයේ තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කරයි

“මෙහෙයුම් සහ උපායමාර්ගික හේතූන්” උපුටා දක්වමින් ෆින්ලන්තය විසින් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මියන්මාරය යන රටවල තානාපති කාර්යාල වසා දමන බව නිවේදනය කරනු ලැබ තිබෙනවා.

“විදේශ කටයුතු අමාත්‍යාංශය 2026 දී ඉස්ලාමාබාද්, කාබුල් සහ යැන්ගොන් හි ෆින්ලන්ත තානාපති කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ,” ෆින්ලන්ත විදේශ අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වුණා.

“තනාපති කාර්යාල වසා දමනු ලබන්නේ මෙහෙයුම් සහ උපායමාර්ගික හේතූන් මත වන අතර ඒවා රටවල දේශපාලන තත්වයේ වෙනස්කම් සහ ෆින්ලන්තය සමඟ ඔවුන්ගේ සීමිත වාණිජ හා ආර්ථික සබඳතා සමඟ සම්බන්ධ වේ,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

රටවල් තුනේ තානාපති කාර්යාල වසා දැමීමට සූදානම් වීම “දැනටමත් ආරම්භ වී ඇති” බව අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර 2026 දී දූත මණ්ඩල වසා දමනු ඇති.

ෆින්ලන්තය එහි දූත මණ්ඩල ජාලය පිළිබඳ “උපායමාර්ගික සමාලෝචනයේ” කොටසක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී ෆින්ලන්තයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති අවශ්‍යතා සහ ෆින්ලන්තයේ අපනයන ප්‍රවර්ධන ක්‍රියාකාරකම්වල අවශ්‍යතා සැලකිල්ලට ගන්නා බව ප්‍රකාශයේ සඳහන් වනවා.

2023 දී ස්වීඩනය ද ආරක්ෂක තත්ත්වය හේතුව ලෙස දක්වමින් ඉස්ලාමාබාද් හි පිහිටි සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැමුවා.

  1. ලංකාව ද දියුණු කිරීම පකිස්ථානය වැනි අන්තවාදී ත්‍රස්තවාදය සුරක්ෂිත කර පෝෂණය කරන රටවල් සමග ඇති සබඳතාව වහාම නතර කල යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44