ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ සරල සොහොනක ඊයේ (26) තැන්පත් කරනු ලැබුවා.
වතිකානය දැනුම් දුන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කර ඇති සොහොන අද (27) දිනයේ සිට නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව පවතින බවයි.
ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙනුවෙන් 250,000ක පමණ පිරිසක් සහභාගී වී ඇති බවයි වතිකානය දැනුම් දුන්නේ.
එය 16 වන බෙනඩික්ට් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වූ පිරිසට වඩා 50,000ක පමණ වැඩිවීමක්.
කෙසේ නමුත් 2005 වසරේ දී පැවති දෙවන ජෝන් පෝල් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගී වූ පිරිසට වඩා අඩු බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මේ අතර ඊළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහාවන රැස්වීම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මරණයෙන් දින 15 සිට 20 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සුප්‍රසිද්ධ මයිකල්ඇන්ජලෝ පින්තාරු කරන ලද සිස්ටයින් දේවස්ථානයේ දී මෙම රැස්වීමයි සම්ප්‍රදාය වී ඇත්තේ.





