spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆකර් සමාන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

පකිස්ථාන කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙකු වන ෆකර් සමාන්ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය දා නෙදර්ලන්තය සමඟ පැවති තරගය අතර තුර ඔහු පදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ලෝක අකුසලාන තරගාවලිය අහ්මිව ගොස් ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවස්ථාවේ දීත් දණහිසේ ආබාධයකින් පෙලුණු අතර, නෙදර්ලන්තය සමඟ පැවති තරගය අතර තුර එය උත්සන්න වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මේ හේතුවෙන් අද (03) පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගය සහ ඉදිරි තරග සියල්ල ඔහුට අහිමි වී යනවා.

ෆකර් සමාන් වෙනුවට මොහොමඩ් හැරිස් තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතයට අදේශ කෙරෙනු ඇති බවටයි වාර්තා වුණේ.

ඔහු සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?