ෆකර් සමාන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

පකිස්ථාන කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙකු වන ෆකර් සමාන්ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගිය දා නෙදර්ලන්තය සමඟ පැවති තරගය අතර තුර ඔහු පදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ලෝක අකුසලාන තරගාවලිය අහ්මිව ගොස් ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවස්ථාවේ දීත් දණහිසේ ආබාධයකින් පෙලුණු අතර, නෙදර්ලන්තය සමඟ පැවති තරගය අතර තුර එය උත්සන්න වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මේ හේතුවෙන් අද (03) පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගය සහ ඉදිරි තරග සියල්ල ඔහුට අහිමි වී යනවා.

ෆකර් සමාන් වෙනුවට මොහොමඩ් හැරිස් තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතයට අදේශ කෙරෙනු ඇති බවටයි වාර්තා වුණේ.

ඔහු සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18