AFC Banner
AFC Banner
Empty Ad

ළිඳක ගිලී 18 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

කළුතර, පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳක ගිලී අද (08) පස්වරුවේ තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක තරුණයෙක්.

මෙම තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ යතුරුපැදිය සේදීමට පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී වතුර ගැනීමට භාවිත කළ බාල්දිය ළිඳට වැටී ඇති අතර, එය ගැනීමට ගිය තරුණයා මෙලෙස ළිඳේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවීමට ඊයේ (07) මහියංගනයේ සිට කළුතර, පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මොහු තම මිතුරන් දෙදෙනෙකු ද සමඟ හෙට (09) දිනයේ දී සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමට සූදානම්ව සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?