ළහිරු වීරසේකර පොලිස් අත්අඩංගුවට

ගාලුමුවදොර මහජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අගෝස්තු 30 වනදා මරදානේ පැවැති විරෝධතාවයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.