spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා නිවාසයේ ලොරිය හොරෙන් පදවන් හෝ ගානා පොකුණ බලන්න ආපු ළමයි

ළමුන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිට මුහුද බැලීම සඳහා යමින් සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම ලොරි රථයේ ළමුන් සිව්දෙනෙකු සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි නිට්ටඹුව පොලිසිය සදහන් කළේ.

වයස අවුරුදු 11,12 සහ 16 හැවිරිදි වියේ පිරිසක් මෙලෙස ළමා නිවාසයේ ලොරි රථයේ යතුර සොරකම් කර එය පදවාගෙන මිගමුව ප්‍රදේශයට එමින් සිටියදීයි මෙමෙ අනතුර සිදුව ඇත්තේ.

දරුවන් පිරිස නුවරඑළිය ළමා නිවාසයට භාරදීමට කටයුතු යොදා ඇති අතර නිට්ටඹුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?