ළමා නිවාසයක සිටි මාස 03ක බිළිඳෙකු හදිසියේ ජීවිතක්ෂයට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවා සිටි මාස 03 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.

මෙම බිළිඳාගේ අප්‍රාණික තත්ත්වයක් හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, එම මරණය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?