ළමා නිවාසයක දරුවෙක් නින්දෙන් මුත‍්‍රා කලේ යයි පාලිකාව දුන් දරුණු දඩුවම

දිවුලපිටිය ප‍්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටින වයස වයස අවුරුදු නමයක් වූ පිරිමි දරුවකුගේ ලිංගේන්ද්‍රියට එහි පාලිකා විසින් මිරිස්කුඩු දැමීම හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇත.

එම දරුවා නින්දෙන් මුත්‍රා පිට කළේ යැයි කෝපයට පත්වූ පාලිකාව දරුවා නාන කාමරයට රැගෙන ගොස් ඇඳුම් ඉවත් කර ලිංගේන්ද්‍රියට මිරිස් කුඩු දමා ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම ළමා නිවාසයේ දරුවන් විසි පස් දෙනෙකු පමණ සිටින බවත් එහි පාලිකාව අනිසි ලෙස බලපෑම් කරමින් තාඩන පීඩන කරමින් කටයුතු කරන බවටත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !