ජර්මනිය, ග්‍රීසිය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සඳහා හමුදා මැදිහත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, අනුව ජර්මනිය පවසන්නේ ඉරානයේ යුද්ධයට නේටෝ ආරක්ෂක සන්ධානය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
ජර්මනිය යුද්ධයට සහභාගී නොවන බවත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හමුදාමය ක්‍රම මගින් විවෘතව තබා නොගන්නා බවයි ජර්මානු රජයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ.
“මෙම යුද්ධය දිගටම පවතින තාක් කල්, සහභාගීත්වයක් නොමැති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හමුදාමය ක්‍රම මගින් විවෘතව තබා ගැනීමට කිසිදු උත්සාහයක් පවා නොගනු ඇත,” යනුවෙන් රජයේ ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
මේ අතර ග්‍රීසිය ද හෝර්මුස් සමුද්‍ර සන්ධියේ කිසිදු හමුදා මෙහෙයුමකට එක් නොවන බව ග්‍රීක රජයේ ප්‍රකාශක පැව්ලෝස් මරිනාකිස් පවසා තිබෙනවා.



