හෝමාගම රෝහල් කාර්‍යය මණ්ඩලයට දැඩි චෝදනාවක් – ඇඟිල්ලක් නිසා ජීවිතය අහිමි වෙයි

එක් අතක ඇඟිල්ලක ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු රෝහල් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ බව මීගොඩ පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ පනාගොඩ – බෝධිය පාර පැලෑදගොඩ ලිපිනයේ පදිංචිව සිටි මුදලිගේ ජයසිරි පෙරේරා නමැති 53 හැවිරිදි දෙදරු පියෙක් බවයි.

මියගිය පුද්ගලයා තලංගම ප්‍රදේශයේ නිවසක වැඩ කරමින් සිටියදී කකුල කැඩුන අල්මාරියක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට ඇල්ලීමේ දී මරණකරුගේ දකුණු අතේ මැදඟිල්ල අල්මාරියට යට වී තිබෙනවා.

එහිදී ඇඟිල්ලේ නියපොත්ත ගැලවී ඇඟිල්ල පළවෙනි පුරුක පුපුරා ගොස් ඇති බැවින් මරණකරු තලංගම රෝහල වෙත වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී භාර ගැනීමට හොහැකි බවට පැවසීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසට එම රෝහලෙන් දැනුම් දුන් බවත් අනතුරුව පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බවත් එහි දී ද භාර නොගැනීම හේතුවෙන් හෝමාගම රෝහල වෙත එදිනම පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය පවසනවා.

එම පුද්ගලයා ඉකුත් (16) දින මියගොස් ඇතිමුත් අද (18) දින වන තෙක් ද දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කර නොමැති බව ද එම ඥාතීහු චෝදනා කරනවා.

ඒ අනුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බවත් මෙම මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ වරදක් හේතුවෙන් සිදු වී ඇති බවටත් මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙසත් සඳහන් කර අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව මීගොඩ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළා.

එම පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය කර හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දසත පුවත් අංශය හෝමාගම මූලික රෝහල් වෛද්‍ය අධිකාරීවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මියගෙන් ද විමසීමක් සිදු කළා.

එහිදී වෛද්‍ය අධිකාරීවරිය පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශ්වයකට නිශ්චිතවම චෝදනා එල්ල කළ නොහැකි බවත්, සිදු ව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට රෝහල තුළ විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42